Part 01 02 03 04 05 06 07 08 09 10 11 12 13 14 15 16 17 18 19 20
කැන්ටර්විල් මන්දිරයේ බිහිසුනු භූතයා "The Canterville Ghost" පළමු කොටස 1
ධනවත් අමෙරිකානු ජාතිකයෙකු වූ හිරාම් ඔටිස් මහතාට කැන්ටර්විල් සාමි වරයාගෙන් කැන්ටර්විල් වේස් නමැති මන්දිරය මිල දී ගැනීමට අවශ්‍ය විය. මේ ඇසූ බොහෝ දෙනෙක් ඔටිස් මහතාට අනතුරැ ඇගවූහ. "ප්‍රවේශම් වන්න. ඔය මන්දිරය ඇතුලෙ භූතයෙක් ඉන්නවා" යැයි ඔවුහු ඔස්ටිස් මහතාට කීහ. කැන්ටර්විල් සාමිවරයා ද යහපත් පුද්ගලයකු විය. එබැවින් ඔහු පවා නිවස මිල දී ගැනීමට පැමිණි ඔස්ටිස් මහතාට භූතයා පිළිබද අනතුරැ ඇගවූවේය.
"අපි නම් මේ මන්දිරයේ පදිංචි වෙලා ඉන්න කොහෙත්ම කැමති නැහැ. මගේ තාත්තාගේ සහෝදරිය වන බෝල්ටන් ආදිපාදිවරිය භූතයා අතින් මැරැම් කෑවා. භූතයා ඈව මිය යනතුරැත් භීතියට පත් කළා.භූතයා උගේ අත් වලින් ඇගේ ගෙල මිරිකා මරා දැම්මා. ඒක සිද්ධ වුණේ එක්තරා රාත්‍රියක ඇගේ නිදන කාමරයේදීයි. ඒ වගේම ඔටිස් මහත්මයා මම ඔබට අවවාද කරන්න කැමතියි,මේ භූතයා මහා භයානක එකෙක්. මගේ පවුලෙ හැම කෙනෙක්ම පාහේ පහුගිය අවුරැදු කීපය තුළ මේ භූතයා දැක තිබෙනවා. ඒ වගේම මන්දිරය ඇතුළෙ නොයෙක් භයානක ශබ්ධ මේ භූතයා කරණු අපට ඇසී තිබෙනවා."
"කැටර්විල් සාමිවරයාණෙනි." යයි අමෙරිකානු ජාතිකයා පිළිතුරැ වශයෙන් කියන්නට වූයේ උපහාසයෙනි."මම මේ මන්දිරයත් ඒක ඇතුළේ තියෙන හැම දේමත් මිලයට ගන්නවා.භූතයා ඇතිව හෝ නැතිව මිලයට ගන්නවා.මම අලුත් රටක කෙනෙක්. ඒ රටේ නම් අපට මුදල් වලින් ඕනෑම දෙයක් ගන්න පුලුවනි. හැබැයි ඒ රටේ නම් භූතයින් එකෙක් වත් නැහැ! "
එහෙත් කැන්ටර්විල් සාමිවරයා සිනා සී ප්‍රකාශ කළේ භූතයකු නම් සිටින බව තමාට සහතික බවය. " මට හොදටම විශ්වාසයි මේ මන්දිරය ඇතුළේ භූතයෙක් සිටින බව.මේ භූතයා පළමුමවන්ම මතුවී තිබෙන්නේ 1584 වර්ෂයේදියි. එදා පටන්ම මේ දක්වා මේ මන්දිරය තුළ කිසියම් මරණයක් වුණානම් ඊට වගකිව යුත්තා මේ භූතයා තමයි. ඒ හැම මරණයකට කලින් භූතයා එනවා. "
"නමුත් භූතයාට කලින් දොස්තර මහත්තයා එනවා තේද කැන්ටර්විල් සාමිවරයාණෙනි." ඔටිස් මහතා පිළිතුරැ දෙන්නට විය. "මම හොදටම දන්නවා එංගලන්තයේවත් අමෙරිකාවෙවත් කිසිම භූතයෙක් නැහැ. ඒක මම හොදට දන්නවා."
ඔවුන් දෙදෙනා අතර ඇති වූ මෙම සංවාදයෙන් දින කිහිපයකට පසු ඔස්ටිස් මහතා මන්දිරය මිලදී ගත්තේය. එයින් අනතුරැව ඔසිටිස් පවුල කැන්ටර්විල් වේස් මන්දිරයේ පදිංචියට පැමිණියහ.ඔසිටිස් මහතා ද ඔහුගේ බිරිද ද ඔහුගේ වැඩිමහලු පුත් වන වොෂිංටන් ද පහළොස් හැවිරිදි දියණිය වන වර්ජිනියාද ඒ අතර වූහ. වර් ජිනියාට පසුව ඔවුන්ට නිවුන් දරැවන් දෙදෙනෙකු ලැබී තිබිණි. ඔවුහු ගැටවර වියෙහි පසු වූ ළමුන් වූහ.
එය ජූලි මාසයේ එක්තරා ප්‍රියංකර දිනයක් විය. කාළගුණය උණුසුම් වූ අතර සූර්ය රශ්මිය මනාව පතිත වී තිබිණි.එහෙත් ඔවුන් කැන්ටර්විල් වේස් මන්දිරයට පැමිණ ලැගුම් ගත් කෙනෙහිම පාහේ මහා වර්ෂාවක් ඇද හැලෙන්නට විය.
නිවසට ඇතුලු වූ ඔස්ටිස් පවුලට ප්‍රථමයෙන්ම මුණ ගැසුණේ උම්නි මහත්මියයි. උමිනි මහත්මිය මන්දිරයේ සේවය කළ වැදගත් සේවිකාවකි. ඇය පැමිණ ඔස්ටිස් පවුලේ සාමාජිකයන් සියලු දෙනා තේ පානය සදහා කැදවාගෙන ගියාය.පුස්තකාලයට ගිය පිරිස ස්වකීය කබාය ගලවා දී එහි වාඩි ගෙන වටපිට බැලූහ.
එක්වරම ඔස්ටිස් මහත්මියගේ නෙත ගැටුණේ පොළව මත තිබූ ඝන ලේ පැල්ලමකි.
"උමිනි මහත්මිය,මේ පොළවේ මොනවදෝ තියෙනවා" යැයි කෑ ගසන්නට වූවාය.
"ඔව් නොනා,ඒ තිබෙන්නේ ලේ"යැයි උම්නි මහත්මිය විශේෂ අමුත්තක් නොදක්වා ප්‍රකාශ කළාය.
"ඔව් වෙන්න පුලුවනි.නමුත් මේක හරි භයානක දෙයක්. පුස්තකාළය ඇතුලේ ලේ තියෙනව දකින්න මම කොහෙත්ම කැමති නැහැ. ඔබ
මේක වහාම සෝදන්න ඕනෑ."
ඇගේ මෙම බස් ඇසූ කාන්තාව සිනාසෙමින් පිළිතුරැ දුන්නාය."මෙක තමා කැන්ටර්විල් එලිනොර් ආර්යාවගෙ ලේ. 1575දී ඇගේ ස්වාමි පරැෂයා වන ශ්‍රීමත් සයිමන් ද කැන්ටර්විල්තුමා මේ පුස්තකාලය තුළදීම ඇයව මරා දැම්මා. ඇගේ මරණයෙන් පසුව අවුරැදු නවයක්ම ශ්‍රීමත් සයිමන් මෙම පුස්තකාලයෙ ජීවත් වුණා.නමු් ඈ හෝ ඔහු මියගිය ආකාරය එදා පටන් මේ වන තුරැ කිසි කෙනෙක් දන්නේ නෑ.ඔහුගෙ අවතාරය අද මේ කාමරයේ ඉදලා තිබෙනවා.ඒ වගේම මේ වගේ ලේ පැල්ලම් මේ පුස්තකාලයේ හැමදාම තියෙනවා.ඒක ඉතාමත්ම ප්‍රසිද්ධ කාරණයක්. මේ ලේ පැල්ලම මකා දමන්න බැහැ. ඒක හරිම අමාරැ වැඩක්."
වොෂිංටන් ඔටිස් තරැණ මහතා හදිසියේම නැගී සිටියේය. ඔහු උම්නි මහත්මිය අමතා කතා කරන්නට වූයේය.
"නැහැ උම්නි මහත්මිය, පිංනර්ටන් පොළිෂ් වලින් මේක පිස දැම්මොත් එය මැකී යන බව මට හොදටම විශ්වාසයි."මෙසේ කී වොෂිංටන් පිංකර්ටන් පොලිෂ් එක ගෙන එය ලේපැල්ලම මත අතුරා පැල්ලම මකා දැම්මේය.සෙසු සියල්ලෝම ඒ දෙස බලා සිටියහ.
"ඒක හරි ලේසි වැඩක්." යයි වොෂිංටන් සිනහසෙමින් කීවේය. එහෙත් හදිසියේම ගොරවමින් වහින්නට විය. සුළං පහර නිසා පුස්තකාල කාමරයේ ජනේලය මහා ශබ්දයක් නගමින් වැසී ගියේය. හිරාම් ඔටිස් මහතා තමාගේ සුරැට්ටු පෙට්ටියෙන් සුරැට්ටුවක් ගෙන දල්වා ගනිමින් කතා කරන්නට විය. "අපොයි මේ පලාතෙ නම් කාලගුණය හරිම නරකයි."
එහෙත් උම්නි මහත්මිය බෙහෙවින්ම බියපත්ව සිටියාය."කවුරැත් ප්‍රවේසම් වන්න! භූතයා...." යැයි ඈ කිමට තැත් කළා පමණි.
"ඒ ගැන කරදර වෙන්න එපා. අපි භූතයින්ට බය නැහැ උම්නි මහත්මිය.ඔබ එය ගණනකට ගන්න එපා.අපට තේ වලින් සංග්‍රහ කළාට ඔබට බොහොම ස්තුතියි." ඔටිස් මහතා දුම් වැටිය උරමින් ප්‍රකාශ කළේය.