කැන්ටර්විල් මන්දිරයේ බිහිසුනු භූතයා "The Canterville Ghost" දෙවන කොටස 2
දෙවන කොටස
එම රාත්‍රිය පුරාම ධාරානිපාත වර්ෂාව ඇද හැලෙන්නට වූ අතර මුලු මන්දිරයම ඉතා නිශ්චල විය. ඊළග උදෑසන ඔටිස් පවුල උදෑසන ආහාර ගැනීම සදහා යළි පුස්තකාල කාමරයට පැමිණියහ. එහි පැමිණි ඔවුන්ට දැකගත හැකිවූයේ පුදුමාකාර දෙයකි. පුස්තකාල කාමරයේ බිම නැවතත් ලේවලින් තෙත්වී තිබිණි. පිංකර්ටන් පොලිෂ් වලට ඉතාමත් හොදින් හැම දෙයක්ම පිරිසිදු කරන්න පුලුවනි යැයි වොෂිංටන් කියන්නට විය. මේ ලේ පැල්ලම පිංකර්ටන් පොලිෂ් නිසා මැකිලා ගියා. ඊයේ ඒක තිබුනේ නැහැ. මම හිතන්නේ බූතයා අවුදින් තවත් වරක් මේ ලේ පතුරැවා දමා යන්න ඇති. මෙසේ කී වොෂිංටන් යලිත් පිංකර්ටන් පොලිෂ් ගෙන ඒ ලේ පැල්ලම මකා දැම්මේය. කෙසේ වුවද දෙවන දින උදයේ සලකුණ ඒ ආකාරයෙන්ම එම ස්ථානයේ තිබිණි. එම රාත්‍රියේද ඔටිස් මහතා පුස්තකාල කාමරයේ අගුලු දමා වසා යතුරැ රාත්‍රිය මුලුල්ලේම තමා ලග තබා ගත්තේය.එහෙත් පුදුමයකි ලේ සළකුණ තුන්වන දින උදෑසනද එහි තිබෙනු දක්නට ලැබින. මේ දුටු පවුලේ සියලු දෙනාම සිය අදහස් ක්‍රමයෙන් වෙනස් කරගන්නට වූහ. ඔටිස් මහතා පවා මෙසේ සිතන්නට විය. භූතයන් ගැන මගේ තිබූ විශ්වාසය වැරදියිද, ඒ වගේම කැන්ටර්විල් සාමිවරයා නිවැරදියිද? ඔටිස් මහතා පුස්තකාල කාමරයේ පොත් පත් අවුස්සා භූතයන් පිළිබද ලියැවුණු නොයෙකුත් පොත පත කියවන්නට විය. වොෂිංටන් කළේ එම ලේ පැල්ලම් පිළිබදව ප්‍රවෘත්ති පත්‍රයකට දීර්ඝ ලිපියක් ලිවීමයි.
ඊලග රාත්‍රියේදී පුථම වරට ඔටිස් පවුලේ උදවියට භූතයා දැකබලා ගැනීමට හැකි විය. එදින ඉතා උණුසුම් වූ අතර සූර්ය්‍ය රෂ්මිය හොදින් පතිත වී තිබිණි. සන්ධ්‍යා සමයේදී පවුලේ සියල්ලෝම මදක් ඇවිදීම සදහා විටත්ව ගියහ. ඔවුන් සියලු දෙනාම ආපසු පැමිණයේ රාත්‍රී 9.00ට පමණය. එසේ පැමිණි ඔවුන් ආහාර ගැනීම සදහා වාඩි වූහ. ඔවුහු එම අවස්ථාවේදී නම් භූතයින් පිළිබද කිසිවක් කතානොකළේය. එහෙත් ඔටිස් මහතා පසුව මෙසේ කීය. අපි එංගලන්තයෙයි ඇමරිකාවේ වෙනස්කම් ගැන මෙතෙක් කල් කතාකරලා තිබෙනවා. නමුත් භූතයන් ගැන කතා කිරීම අපට අමතක වෙලා. කෝක වුණත් ශ්‍රීමත් සයිමන්ද කැන්ටර්විල් පිළිබද කතාව ගැන අපි කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ නිසා ඔවුහු ගැන කතා කරන්න අපිට වෙලාවක් තිබුණේ නැහැ.
එදින රාත්‍රී එකොළහට සියලු දෙනාම නින්දට ගියහ. මුලු මන්දිරයම පැවතියේ ඝන අදුරේය. අඩ නින්දේ පසු වූ ඔස්ටිස් මහතාට ස්වල්ප වේලාවකින්ම ශබ්ධයක් ඇසිණ. එම ශබ්දය කුමක්දැයි ඔහු සිතන්නට විය. ඒ ඇසුනේ විශාල දම්වැල් ගැටෙන ශබ්ධයකි. එම ශබ්දය පළමුව සිහින් ස්වරයෙන් ඇසී පසුව ක්‍රමයෙන් තමාගේ නිදන කාමරය වෙත ළගා වෙන බව ඔහුට හැගිණ.
නැගී සිටි ශටිස් මහතා ලාම්පුවක් දල්වා ගත්තේය. ලාම්පුවේ ආධාරයෙන් ඔහු බිත්තියේ එල්ලා තිබූ ඔර්ලෝසුව දෙස බැලුවේය. වේලාව හරියටම රාත්‍රී එක විය. එහෙත් ඔහු බියගුල්ලෙකු නොවීය. යළිත් වරක් ශබ්ධය ඇසෙන්නට වූ බැවින් ඔහු හොදට කල්පනා කරන්නට විය. 'සමහර විට මගේ කාමරයට පිටින් කවුරැන් හෝ ඉන්නවා වෙන්න ඇති. ඔහු සපත්තු පැළදගෙන සිටින්නෙක් වෙන්න ඕනෙ'
මෙසේ සිතූ ඔටිස් මහතා පාවහන් ද පය ලාගෙන තමාගේ ඇද අසල තිබූ කුඩා බෝතලයක් අතට ගත්තේය. අනතුරැව දොර ළගට ගිය ඔහු එය විවෘත කළේය. එකෙණෙහිම ඔහු දුටුවේ තමා ඉදිරියේ සිටින බියකරැ පෙනුම ඇති මහලු මිනිසෙකි. එම මහලු මිනිසාගේ දෙනෙත් ගින්දර මෙන් රතු පැහැ ගැන්වී තිබිණි. ඔහුගේ දුඹුරැ වන් හිසකෙස් ඉතා දගු විය.ඔහුගේ ඇදුම් පැළදුම් ඉතාමත්ම කිළිටි වී ගිය අතර ඉතා පැරණි ඒවා විය.ඔහුගේ දෑත ද දෙපා ද දම්වැල් වලින් බැද තිබිණි.
හිරාම් ඔටිස් මහතා තවමත් බියපත් වූයේ නැත. ඔහු මහල්ලා අමතා කතා කරන්නට විය.
"' මහත්මයා මා ළග කුඩා බෝතලයක් තිබෙනවා. ඒ තෙල් වර්ගය කරැණාකර ඔබේ දම්වැල් වල අතුල්ල ගන්න. ඔය දම්වැලේ ශබ්දය නිසා මට නිදාගන්න අමාරැයි. බෝතලය පිට පැත්තේ තිබෙන කඩදාසිය බලන්න. ඒක ඇමෙරිකාවේ හදපු තෙල් වර්ගයක්. ඒක හරිම හොද තෙල් වර්ගයක් කියලා එහෙ මිනිස්සු කියනවා. මම ඒක ඔබ වෙනුවෙන් මෙතන තබා යන්නම්. ඔබට වත් තෙල් උවමනා නම් මම පසුව දෙන්නම්."'
මෙම වචන මුවින් පිට කිරීමෙන් අනතුරැව හිරාමි ඔටිස් මහතා බෝතලය බිමින් තබා දොර වසා දැම්මේය. එයින් අනතුරැව ඔහු යළිත් නිදියහනට පැන ගොරවමින් නිදන්නට විය.
කැන්ටර්විල් භූතයා ඉමහත් පුදුමයට පත් වී එම ස්ථානයෙම විනාඩි දෙකක් නතරවී සිටියේය. එයින් අනතුරැව බලවත් කොපයට පත් වූ ඔහු බෝතලය ගෙන පොලවේ ගසා බිම දැමුවේය. ඔහු මෙය කලේ ඔහුගේ දම්වැල් වලින් අධික ශබ්ධයක් නගමිනි. එහෙත් ඔහු යාම සදහා ආපසු හැරෙන්නට විය. යළිත් දොරක් විවෘත විය. කුඩා ළමුන් දෙදෙනෙකු දොරින් එළිට පැමිණි අතර භූතයාගේ හස හරහා දොඩම් ගෙඩි දෙකක් පියඹා ගියේය.
"ඉක්මනට!" යැයි භූතයා තමාටම කියාගන්නට විය, "මම ඉක්මනටම යන්න ඕනේ."
මෙසේ කී භූතයා මහා ශබ්දයක් නගමින් හනි හනික එම ස්ථානයෙන් පැන දිව්වේය. එයින් පසු මුලු නිවසම යළි නිශ්චල විය.