කැන්ටර්විල් මන්දිරයේ බිහිසුනු භූතයා "The Canterville Ghost" පළමු කොටස 1
ධනවත් අමෙරිකානු ජාතිකයෙකු වූ හිරාම් ඔටිස් මහතාට කැන්ටර්විල් සාමි වරයාගෙන් කැන්ටර්විල් වේස් නමැති මන්දිරය මිල දී ගැනීමට අවශ්‍ය විය. මේ ඇසූ බොහෝ දෙනෙක් ඔටිස් මහතාට අනතුරැ ඇගවූහ. "ප්‍රවේශම් වන්න. ඔය මන්දිරය ඇතුලෙ භූතයෙක් ඉන්නවා" යැයි ඔවුහු ඔස්ටිස් මහතාට කීහ. කැන්ටර්විල් සාමිවරයා ද යහපත් පුද්ගලයකු විය. එබැවින් ඔහු පවා නිවස මිල දී ගැනීමට පැමිණි ඔස්ටිස් මහතාට භූතයා පිළිබද අනතුරැ ඇගවූවේය..........Click Here to Next
කැන්ටර්විල් මන්දිරයේ බිහිසුනු භූතයා "The Canterville Ghost" දෙවන කොටස 2
එම රාත්‍රිය පුරාම ධාරානිපාත වර්ෂාව ඇද හැලෙන්නට වූ අතර මුලු මන්දිරයම ඉතා නිශ්චල විය. ඊළග උදෑසන ඔටිස් පවුල උදෑසන ආහාර ගැනීම සදහා යළි පුස්තකාල කාමරයට පැමිණියහ. එහි පැමිණි ඔවුන්ට දැකගත හැකිවූයේ පුදුමාකාර දෙයකි. පුස්තකාල කාමරයේ බිම නැවතත් ලේවලින් තෙත්වී තිබිණි. පිංකර්ටන් පොලිෂ් වලට ඉතාමත් හොදින් හැම දෙයක්ම පිරිසිදු කරන්න පුලුවනි යැයි වොෂිංටන් කියන්නට විය. මේ ලේ පැල්ලම පිංකර්ටන් පොලිෂ් නිසා මැකිලා ගියා. ඊයේ ඒක තිබුනේ නැහැ. මම හිතන්නේ බූතයා අවුදින් තවත් වරක් මේ ලේ පතුරැවා දමා යන්න ඇති. මෙසේ කී වොෂිංටන් යලිත් පිංකර්ටන් පොලිෂ් ගෙන ඒ ලේ පැල්ලම මකා දැම්මේය....Click Here to Next....