කියවල බලන්නකෝ........
ඉතින් යාලුවනේ මේක මගේ ජීවිතේ ලස්සනම කාලෙ සිද්ද වුනේ.. මම උසස් පෙළ දෙවෙනි පාරට කලේ 2007, මේ කාලෙ තමයි මට එයා මුණගැහුනේ. මම එක්ක පන්ති ගිය යාලුවො තමයි, සංඛ(ගැටයා),නිසල්, වජිර(කොටා), ජනක, උදාර, ඩිලාන්, Pradeep, රැෂා(බොස්නි),
තීක්ෂණ(කොන්ඩයා),විරාජ්, මේ කට්ටිය තමයි ළගින්ම හිටියෙ.
අපි හැමදාම ටවුන් එකේ සෙට් වෙලා කට්ටිය එකට පන්ති Revision ගියා.
එක දවසක් මමයි, සංඛයි, නිසලුයි ටවුන් එකේ ඉද්දි ගෑණු ළමයි තුන් දෙනෙක් ආවා, එක්කෙනෙක් ටිකක් උසයි, අනිත් දෙන්නා නෝමල්, අපේ සංඛයාට ඔය ළමයට හිත ගියා. හොයල බලද්දි මේ තුන්දෙනත් යන්නේ සුසන්ත සර්ගෙ ජීව විද්‍යාව Revision එකට.ඉතින් අපි යන්නෙත් ඔය පන්තියටම නිසා අපි මේ තුන්දෙනාව Follow කළා. මෙහෙම දවස් ගාණක් ගතවුණා. කොහොම හරි අපිට ඒ කට්ටිය අදුරගන්න පුලුවන් වුණා. සංඛ (ගැටයා) Try කළේ ශෂිකලාට. එයා තමයි තුන් දෙනාගෙන් උසම ගෑණුළමයා. නිසලුත් නිකම් ඉන්නවට හරියන්න ඒ කට්ටිය එක්ක හිටිය අනිත් ගෑණු ළමයා, මහේෂිට පොඩි ලයින් පාරක් දැම්මා. ඒ වෙනකොට I අදුරගෙන තිබුණත් මට එයාට ආදරේ කරන්න හිතලා තිබුණේ නෑ. මොකද මම එයා ගැන හොයලා බැලුවා. මම ඇයි හොයලා බැලුවේ? මම හිතන්නේ මම නොදැනුවත්වම ඒ කාළේ ඉදලා මගේ හිතේ එයා ඉන්න ඇති. කොහොම හරි මම හොයලා බලද්දී මට දැනගන්න ලැබුණා එයා අපේ ඉස්කෝලෙම මල්ලී කෙනෙක් එක්ක යාලුයි කියලා. ඉතින් මම එයා ගැන වැඩි උණන්දුවක් දැක්වුවේ නැහැ. යාලුවන්ට උදව් කර කර හිටියා. ඔය විදියට ගොඩාක් කල් ගියා. මම හිතන්නෙ මාස 5ක් 6ක් විතර, හැබැයි මට හැමදාම උදේට I දක්න්න ඔනෙ වුණා. මම ඕක කාටවත් කිව්වෙවත් නෑ. දෙවෙනි පාරට සංඛ Agry කළේ,මමයි කළින් කව්ව යාලුවෝ ටිකයි සනත් සර්ගේ පන්තියට Physics වලට ගියේ. (උදාර,ඩිලාන්,ගයියා,ගිහාන්,බතා, ලෙස්ලියා ) මේ පන්තිය ඉවර වෙලා මම ක්ෂණිකව ටවුන් එකට ආවෙත් I ව බලන්න වෙන්න ඇති. ඒත් කවුරැත් දන්නේ නෑ මම I ගැන උනන්දුයි කියලා. Bio ක්ලාස් යන දවසට ඉතින් අනිවාර්යයෙන් මේ තුන්දෙනාව හම්බවෙනවා. දැන් අපි හොදට අදුරගෙන හිටිය නිසා පන්ති යද්දී අපි 6 දෙනා එකට යන්නේ. සංඛයි නිසලුයි තරම් මම වැඩිපුර එයාල එක්ක කථාවට ගියේ නෑ. ටික ටික පන්තියේ අවසාන කාළෙ ලං වුණා.
අපි දැන් බරටම පාඩම් කරනවා. සංඛයි නිසලුයි එනවා අපේ දිහා පාඩම් කරන්න. තව Pradeep, උදාර, ඩිලාන්, ආව. බතා, මෙනුක, එහෙමත් ඉදලා හිටලා ආවා. නිසල් සමහර දවස් වලට රෑ අපේ ගෙදර නැවතුනා. උදාරයි ඩිලානුයි කොහොමත් නවතිනවා. අපි O/L වලටත් පාඩම් කළේ එකට. ඒ කාලෙ නම් කොල්ලෝ ඔක්කොම වාගේ ආවා. නමුත් උසස් පෙළ කරද්දී කට්ටිය වෙන වෙන විෂයන් කරන්න ගත්ත නිසා හැමෝම සෙට් වුණේ නැහැ. ඔහොම තවත් ටික කාළයක් ගියා. නිසල් අතේ විතරයි ෆෝන් 1ක් තිබ්බේ ඔය කාළෙ. ඒකත් පරණ එකක්. සිග්නල් නැති නිසා නිසලා ඒකට වයර් 1ක් පාස්සලා ඒරියල් 1 දික් කරගෙන තිබ්බේ. මහේෂියි, ශෂිකලායි,ඉමන්දායි නිසල්ට SMS එව්වා. මහේෂි නිසල්ට ආදරේ කළා වෙන්න ඇති. ඒත් නිසලා ආදරේ කළේ නෑ, යාලුවෙක් වගේ හිතුවේ. කොහොම හරි දවසක්Bio පන්ති ඉවර වෙලා එද්දී සංඛ කිව්වා කොහොම හරි අද නම් ශෂිකලාගෙන් අහනවා කියලා. මිනුවන්ගොඩට ඇවිත් ශෂිකලායි මහේෂියි ගියා. එයාල මිනුවන්ගොඩ ඉදලා පයින් යන්නේ. එයාලා හිටියේ විජය මාවත පැත්තේ. ඉතින් අපි තුන්දෙනා එයාලා එක්ක ගියා. මිනුවන්ගොඩ කිරිහල හරියෙදි සංඛ ශෂිකලාට කිව්වා තනියම කථා කරන්න ඕන කියලා. එදා සංඛ ශෂිකලාගෙන් ඇහුවා. ඒත් වැඩේ හරිගියේ නෑ. එයා කිව්වා එයාගේ එහෙම අදහසක් නෑ, එයා සංඛ අදුනන වෙනත් කෙනෙක් එක්ක යාලුයි කියලා. ඉතින් සංඛගේ වැඩේ එතනින්ම නැවතුනා. එදා සංඛ ශෂිකලා එක්ක කථා කරන අතරේ මමයි නිසලුයි මහේෂි එක්ක කථා කර කර ගියා. I යන්නේ කොළඹ පාරේ නිසා එයා තනියම ගියා. මම නිකමට මහේෂිගෙන් ඇහුවා I ගැන. එයා කිව්වා ඔයා අහල බලන්න එයා අනිවාර්යයෙන් කැමති වෙයි කියලා. ඒක මට අදටත් මතකයි.
කොහොම හරි පන්ති ඉවර වෙන දවස ආවා. කට්ටිය සිංදු එහෙම කියලා පන්තිය ඉවර කළා. පන්තියෙන් එළියට ආවට පස්සේ අපි ටිකක් හිටියා ශෂිකලයි අනිත් කට්ටියයි එනකම්. එයාලා ආවා. අපි කතා කරලා, විභාගෙට සුබ පතලා යන්න හදද්දී ශෂිකලා අපේ ටෙලිෆෝන නම්බර් ඉල්ලගත්තා. මගේ මොබයිල් 1ක් නැති නිසා මම දුන්නේ ගෙදර නොම්බරේ. මමයි සංඛයි නිසලුයි පොඩි පාටි එකකුත් දාලා ගෙදර ගියා. අපි දැන් බරට පාඩම් කරනවා. උදාර,ඩිලා,Pradeep,නිසලා,ගැටයා කට්ටියම එනවා. දවසක් දවාලේ මම කොහේ හරි ගිය වෙලාවක ගෑණු ළමයෙක් අපේ ගෙදරට කථා කරලා තියෙනවා. නම කියලා තියෙන්නේ අනුත්තරා කියලා. ඒත් මම එහෙම නමක් දන්නේ නෑ. මම ඕක අමතක කරලා දැම්මා. අපි පාඩම් කරද්දී නිසල්ට මහේෂි Msg එව්වා. ඒ තුන්දෙනත් එකතුවෙලා පාඩම් කරනව කියලා දැනගන්න ලැබුණා. දවසක් නිසල් පාඩම් කරලා අපේ ගෙදර නැවතුනා. අපි දෙන්නා එදා හවස ගිහින් කොත්තුවක් එහෙම කාලා ඇවිත් රෑ පාඩම් කරලා නිදා ගත්තා. පහුවදා උදේම ආයේ නැගිට්ටා පාඩම් කරන්න. නිසලා කිව්වා ඊයේ කොත්තුව කාළා බඩ අප්සට් කියලා. ඌ කිව්ව ටොයිලට් එකට ගිහින් එන්නම් කියලා. ඌ ගියා. මම අනිත් කොල්ලෝ එනකම් මේසේ අස් කර කර හිටියා. ඉද්දී නිසලගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා. මොකද කරන්නේ කියලා. මම ඉතින් විහිලුවටත් එක්ක Repply එකක් දුන්නා මෙහෙම.... "Hi ......... ,Nisal nam dan methana nehe, Kotthuwak Kala Bade Apset 1k kiyala Lat 1k Podi wadak" මේ මැසේජ් එකට එයාලා නිසල් එක්ක තරහයි කියලා කිව්වා. ඒ වුණත් ඉතින් කොහොම හරි නිසලා කෙල්ලන්ව යාලු කර ගත්තා. එදා මම ඒ මැසේජ් එක යවලා තියෙන්නේ I ගේ ෆෝන් එකට. මම දැනගෙන හිටියනම් කීයටවත් යවන්නේ නෑ. අනික මම කළේ විහිලුවක්. කොහොම හරි දැන් විභාගේ පටන් ගත්තා.
අපි විභාගෙත් ලියලා ඉවර කළා. නිසල්, සංඛ, හම්බ වෙන එක ටිකක් අඩු වුණා. මම ඩිලාන්ලගේ පැත්තේ ගියා සෙට් එක දාන්න. දැන් උදාරයි, ඩිලයි, මමයි, Predep, තමයි සෙට් වෙන්නෙ. මධුකයත් එනවා ඉදලා හිටලා. දැන් විභාගෙ ඉවර වෙලා මාසයක් දෙකක් විතර ගිහින්. මමයි මධුකයි එෂානුයි කම්පියුටර් කෝස් එකක් කරන්න පටන්ගත්තා, 3D Max, පන්ති ගියේ ගම්පහ NCCS.පන්ති ගියේ ඉරිදා දවස් වලට. ඔය අතරේ ලයිසන් ගන්න ලර්නස් එකකට යන්න කියලා ගෙදරින් කිව්වා. මමයි ඩිලානුයි ඉතින් Pradepa Learners එකට ගියා. දවස් කීපයක් යද්දී මම කවදාවත් හිතුවෙ නැති දෙයක් වුණා.
ඒ මගේ I..... එයත් ආව ලර්නස් එකට. මහේෂියි එයයි එකට ආවේ. එයා නිල්පාට ටී ෂර්ට් එකක් ඇදලා ආවේ. එදා දැක්ක ඒ රෑපෙ අදටත් මතකේ තියනවා... හැමදාමත් හැමදේටම කළින් මට පේනනේ ඒ රෑපය විතරයි. මමයි ඩිලානුයි දෙන්නා යන්නේ උදේ 9ට, ඉමන්දයි මහේෂියි ආවෙත් ඒ වෙලාවට. මට මතකයි, මම ඒ දවස් වල කොන්ඩෙයි රැවුලයිත් වවලා තිබ්බේ. විභාගේ ඉවර නිසා සතුටින් හිටියේ. I ආයෙත් හම්බවුණාම ඒ සතුට තවත් වැඩි වුණා. එයාලත් ආවේ අපි එන වෙලාවටම නිසා ගොඩක් වෙලාවට අපි කට්ටියටම එකම වාහනේ පුරැදු වෙන්න ලැබෙනවා. එයා ඒ දවස් වල පොඩි ළමයෙක් වගේ මට පෙනුනේ. එයා හැමදාම ඉන්නේ Driving සීට් එකට පිටිපස්සේ සීට් එකේ. මම ඊට පිටිපස්සේ සීට් එකේ. මම හැමදාම වාහනේ යනකම් එයාගේ මූණ බලන් ඉන්නවා. ඒක එයා දන්නෙ නැතුව ඇති. මොකද මම එයාව බලන්නේ සයිඩ් කණ්නාඩියෙන්. අපි වාහනේ පුරැදු වෙන්න ගම්පහ පාරෙ, කොළඹ පාරෙ, කුරැණෑගල පාරෙ,වේයන්ගොඩ පාරෙ යනවා. දවසක් වේයන්ගොඩ පාරෙ මට වාහනේ එලවන්න ලැබුණා. අපිට වාහනේ පුරැදු කරන කෙනා කිව්වා පොළිසිය ළග පාරට රිවස් කරන්න කියලා. මමත් ඉතින් රිවස් ගියර් එක එහෙම දාලා පිටිපස්ස හැරිලා රිවස් කරන්න පටන් ගත්තා. එක පාරට මම අතින් ඇක්සලේටර් එක වැඩිපුර පෑගිලා වේගෙන් පස්සට ගියා. තව ටිකකින් පිටිපස්සෙ තිබ්බ ගහේ...වෙලාවට තිස්ස අයියා හෑන්ඩ් බ්රේක් ඇද්දේ. එදා මොකද වුණේ කියලා මම විතරයි දන්නේ. එදා මම එයාගේ මූණ බලාගෙන හිටියේ. මට වාහනේ රිවස් කිරිල්ලත් අමතක වුණා. මට එයා ඉස්සරහදි හැම දේම අමතක වෙනවා. එයාගේ මූණම බලාගෙන ඉන්න හිතෙනවා. හැමදාටම.....අදටත් ඒක එහෙමයි. කොහොම හරි මම සාමාන්‍යයෙන් යන හැම පාරකම එයයි මමයි ඔය වාහනේ ගිහින් තියනවා. ඉතින් මම කොහේ ගියත් මට ඒ පරණ දේවල් මතක් වෙනවා. දවසක් මිනුවන්ගොඩ පොළ පාරෙන් ඇතුලට අරන් වාහනේ රිවස් කරන්න එයාට හම්බ වුණා. මම ඔතනින් යන හැම දවසකම මට මතක් වෙනවා.. ඔහොම ටික කාළයක් ගියා. අපේ පාරේ පුරැදු වෙන දවස් වල මම එයාට අපේ ගෙදරට යන පාර එහෙම පෙන්නුවා. සමහර දවස් වලට එයා ඉක්මනට ඉවර වුණත්, මමත් එක්ක දිවුල පිටියට යනකනුත් වෑන් එකේ ගිහින් එනවා..
කොහොම හරි අපිට පුරැදු වෙන්න තිබ්බ දවස් 30න් 25ක් ඉවර වුණා. ලර්නර්ස් එකෙන් ඩිලාටයි මටයි කිව්වා ඉතිරි දවස් 5 Trayel යන්න කළින් දවස් 5හේ එන්න කියලා. මම ඉතින් නැවතුනා. I දිගටම ගියා. එයා මාර්ග නීති එහෙම කියා දුන්න පන්තියටත් ගියා. අපිනම් ඕවට ගියේ නෑ. අපිට ඉතින් මොන මාර්ග නීතිද? මම සතියක් විතර ලර්නස් එක පැත්තේ ගියේ නෑ. ඔය කාලෙ මමයි ඩිලානුයි සෙට් එක දානවා. අසන්තලාගේ ගෙදර. ඔය දවස් වල අපි සරැංගල් එහෙමත් යවනවා. නිසලාත් දවසක් අපේ ගෙදර ආවා. සරැංගලයක් හදන්න කියලා. මායි නිසලයි Pradepayai සෙට් වෙලා ලොකු සරැංගලයක් හැදුවා. ඔක්කොම ඉවර වෙලා නිසලා ගෙදර යන්න ලැහැස්ති වෙලා මට කියනවා I මැසේජ් එකක් එවලා තිබ්බලු මට ලර්නර්ස් එන්න කියලා. මට පුදුම තරහක් ආවේ. මේක මට මේක කිව්වේ සතියකට විතර පස්සේ. ඔය දවස් වල මට ෆෝන් එකක් තිබ්බේ නැති නිසා මම අපේ මාමා කෙනෙක්ගේ ෆෝන් එකක් ඉල්ලන් I ට Msg එකක් යැව්වා. ඇයි එන්න කිව්වේ කියලා. ටික වෙලාවකින් repply එකක් ආව. නිකම් කාලෙකින් ආවෙ නැති නිසා කියලා. ඒක තමයි එයාගෙන් මට ආව මුල්ම මැසේජ් එක. එයා එවපු හැම මැසේජ් එකක්ම වාගේ මම ළග තාමත් තියෙනවා. මම
ඒවා Backup කරලා computer එකේ සේව් කරලා තියන් ඉන්නවා තාමත්. එදා එයා මට මැසේජ් කීපයක්ම එව්වා. මමත් යැව්වා. එක පාරටම එයා කිව්වා පාඩම් කරනවලු, කියලා. මැසේජ් එවන්නෙපා කියනවා වගේ මට දැනුනේ... මම ඉතින් මැසේජ් නොයවා හිටියා. ටිකකින් එයා ඇහුවා තරහා වෙලාද කියලා... ඒක කොහොම හරි ඉවර වෙලා අයෙත් මැසේජ් කරන්න පටන් ගත්තා. තව දවසක් මැසේජ් එකක් යවද්දී මම එයාට "කෙල්ලේ" කියලා මොකක් හරි දේකට කිව්වා. මම එහෙම කිව්වේ එයාට තියෙන ආදරේ නිසා මිසක් වෙන කිසිම හේතුවකට නෙමෙයි. එයා කිව්වා "මම කැමති නෑ කවුරැවත් මට කෙල්ලේ කියනවට" කියලා. මම එයාගෙන් සමාව ගත්තා. ඔය කාළෙ මම 3D Max පන්ති යන්න පටන් අරන් තිබ්බේ. දවසක් මම TV බල බලා ඉද්දී මට ඉස්සර වෙලාම ආව Call එක ආව. මගේ පපුව ගැහෙන්න ගත්තා. මම කොහොම හරි එයා එක්ක කතා කළා. එයා ඇහුවා ලර්නර්ස් එන්නේ නැද්ද කියලා. මම ඇහුවා ඒක අහන්නද කා කළේ කියලා. එයා කිව්වා නිකම් හිතුනා කියලා. ඊට පස්සේ දිගටම මැසේජ් කළා. එයා ඉරිදා IDM යනවා. මමත් ඉරිදා උදේ NCCS එකේ Course එකට යනවා. අපි දෙන්නා එදට මුණ ගැහෙන්න කතා කරගත්තා. මමත් ඉතින් හරිම ආසාවෙන් හිටියා. I හැමදාම උදේම miss Call දෙනවා. නැත්නම් ඉතින් මම දවල් වෙලා තමයි නැගිටින්නේ. අපි කතා කරගත්ත ඒ ඉරිදා දවස ආවා. I මට මැසේජ් එකක් එවලා තිබුණා "Api inne GM bus Halt 1k, Oya koheda " කියලා. මම රත් වුණා. අපේ පන්ති පටන් ගන්නේ 10.00 නිසා මම යන්න හිතන් හිටියේ 8.00 විතර. එයා එන්න කියලා තිබ්බේ 7.00ට. කොහොම හරි එදා යන්න බැරි වුණා. මම එයාට ඕක කියලා මැසේජ් එකක් යැව්වා. තව එකක් යැව්වා."I feel, that Im Unlucky"
එයා Repply එකක් එවලා තිබ්බා."Ehema Hithannepa U R not Unlucky Kiyala" ඒක එහෙම ඉවර වුණා. අපි ඊළග ඉරිදා මුණගැහෙන්න කථා කරගත්තා. කොහොම හරි එදා දවාලේ එයා ආයේ ශෂිකලාගේ ෆෝන් එකෙන් කොල් එකක් ගත්තා. මම ඒ නම්බර් එක දන්නේ නැති නිසා පොඩි වැරදීමක් වුණා. ඒක එයා දන්නවා. එයා ඉන්න කිව්වත් ඒ වෙලාවේ මම හිටියේ බස් එකේ. උඩුගම්පොල හරියේ. කොහොම හරි අපිට හම්බ වෙන්න ලැබුණේ ඊළග ඉරිදා තමයි. මගේ පන්ති යන යාලුවෝ ඔක්කෝම ඒ ඉරිදා මමත් එකක් ආවා. අපි ටවුන් එකේ හිටියා. මට මේ දැන් සිද්ධ වෙන දෙයක් වගේ එදා දවස තාමත් මතකයි.
අපි ගම්පහ බස් නවත්වන තැනට ඇවිත් හිටියා. ඉමන්දා එනකම්. මට පොඩි බයකුත් තිබ්බා. එවෙලෙ මගේ පපුව ගැහෙන්න ගත්තා පුදුම විදියට. මම ඉතින් ඕක කාටවත් පෙන්නන්න ගියේ නෑ. මම එයාට මැසේජ් එකක් යැව්වා. මම ඇවිත් ඉන්නේ ඔයා කොහෙද කියලා. එයා ඇවිත් ඉන්නෙ කිව්වා. ඒත් මට පෙනුනේ නෑ. ටික වෙලාවකින් එයාගේ යාලුවෝ දෙන්නා ආවා. ඒ දෙන්නා මාව දක්කා. එයාල ඉස්සරහට ගියා. I ඉදලා තියෙන්නේ Time keeper ට ඉන්න තියෙන පොඩි දැල් ගහපු එක ලග. එයා ඒකට වැහිලා හිටිය නිසා මම දැක්කේ නෑ. කොහොම හරි යාලුවෝ දෙන්නා මාව එයාට පෙන්නුවා. එයා මම දිහා බැලුවා. දැන් මම තවත් ගැහෙන්න ගත්තා. මම කොහොම හරි ඒක අමතක කරලා එයා ළගට ගියා. එයා ඩෙනිම් කලිසමකුයි T ෂර්ට් එකකුයි ඇදලා හිටියේ. මම ඇහුවා ගොඩක් වෙලාද ඇවිත් කියලා. එයා මොනවද මොනවද කිව්වා. ඒ වෙලාවේ මම හිටිය තත්වේ හැටියට මට ඒවා මතක තිබ්බේ නෑ. එයා ඒ දවස් වල IDM කොස් එක කරපු නිසා මම හිතුවා එයාට Photoshop Learning CD එකක් දෙන්න. මම CD එකකුත් අරගෙන ගියේ එයාට දෙන්න. එයයි මමයි බස් එකේ මැද්දට වෙන්න සීට් එකක ඉදගත්තා. මගේ යාලුවෝ ටිකයි, එයාගේ යාලුවො දෙන්නයි පිටිපස්සේ සීට් එකේ ඉදගත්තා. ඉමන්දා අතේ තිබ්බා මැහුම් පන්තියකින් බෙදුව Handbill එකක්. එයා ඒක කියවලා පොඩියට නමලා අතේ තියන් හිටියා. එයා ඒක මම අතට දුන්නා. ඒක තමයි එයා මට ඉස්සෙල්ලාම දුන්න දේ. ඒක අදටත් එදා මගේ අතට දුන්න විදියටම මම අතේ තියනවා. කොහොම හරි දැන් අපි දෙන්නා කථාවට වැටුණා. අපි ගම්පහට යනකම් කතා කර කර ගියා. අපි එදා කා කරපු දේවල් මට පිළිවෙලකට ලියන්න මතක නෑ. ඒ නිසා මම ඒ ගැන ලියන්නෙ නෑ. අපි ගම්පහට ආවට පස්සේ I යි යාලුවෝ දෙන්නයි ගාඩර් එක ළගින් බැස්සා. බස් එක අද්දද්දී තමයි මට මතක් වුණේ මම එයාට දෙන්න සීඩී එකක් ගෙනාව බව. මම මගේ යාලුවන්ට ටවුමට යන්න කියලා මම බස් එකෙන් බැස්සා. මම එයාට සීඩී එක දීලා ආයෙත් බස් එකට නගින්න හදද්දී එයා කිව්වා එයාව පන්තිය ලගට ගිහින් දාන්න එන්න කියලා. එයාගේ ඇස් දෙකේ අවංක ආදරයක් මම එදා දැක්කා. මට තාම මතකයි එදා දවස. මම යමු කියලා එයත් එක්ක කතා කර කර ගියා. IDM එක ළගටම එයාව එක්කන් ගියා. මම ආපහු එන්න හදද්දී එයාගේ මූණ දුකින් පිරැණා වගේ මම දැක්කා. මම දන්නේ නෑ ඒ ඇත්තටමද කියලා. එයා කිව්වා අව්වේ නේද යන්න වෙන්නේ කියලා. මම විහිලුවට කිව්වා අපිට ඉතින් කුඩ නෑනෙ කියලා. මම යන්නම් කිව්වාම එයා කිව්වා පරිස්සමෙන් යන්න කියලා. මම එයාට කිව්වා ඉස්සෙල්ලාම යන්න කියලා. ඊට පස්සේ එයා කිව්වා මට යන්න කියලා. මම ඉස්සෙල්ලම ගියා. එයා බලාගෙන හිටියා. මම ඈතට ගියාට පස්සේ එයත් ගියා. මම ටවුන් එකට ගියා. අපේ යාලුවෝ ටික හිටියා විස්තර දැන ගන්න. අපි සෙට් එක කඩේකට ගිහින් කන ගමන් ඔයගැන කතා කළා. Iත් සැරින් සැරේට mis call, Msg එව්වා. මම මේ දවස් වල පුදුම සතුටකින් හිටියේ. අපේ පන්ති ඉවර වෙන්නේ 12.30 ට 1.00 විතර නිසායි, මට ඔය දවස් වල තවත් වැඩක් තිබ්බ නිසායි මට I පන්ති ඉවර වෙනකම් ඉන්න බැරි වුණා. අනික එයා කිව්වේ පන්ති ඉවර වෙන්නේ 5.00ට කියලා.මම පන්ති ඉවර වුණ ගමන් මිනුවන්ගොඩ ගියා. අපේ ඉස්කෝලෙ ළගට. ඒ නිසා I ව හවස මුණගැහෙන්න බැරි වුණා. ඒත් එයාගේ යාලුවෝ දෙන්නව නම් පන්ති ඇරිලා එනවා හම්බ වෙනවා. මොකද අපි ඒ වෙලාවට ඉන්නේ අපේ ඉස්කෝලේ ළග නිසා. එයාලා යන්නේ එතනින්.
කොහොම හරි කාළය ගතවුණා. මට ආයෙත් ලර්නර්ස් එකට යන්න තිබ්බ දවස් ළං වුණා. අපේ ඩිලානයට ට්‍රයල් යන්න තිබුනේ මට කලින්, I ට තිබුනේ මට පස්සෙද මට පස්සෙද මතක නෑ... මම දැන් එයාට call එකක් ගත්තා. වැඩ නෑ phone එක. reply එකක් එනකම් ඉන්නේ.... Date (11/07/2010) Time 1.24pm අපි කියමුකෝ මට පස්සේ තිබ්බේ කියලා එයාගේ ට්‍රයල් එක. :-)
කොහොම හරි ටුයල් එකට කලින් දවසක ඉරිදා එයා class යද්දි mmm..... ඔව් එයාගේ උපන්දිනේ ඒ වෙනකොට මට මතක තිබ්බේ නෑ........
" අද 2010/07/12, අර ඊයෙ යවපු මැසේජ් එකට අද තමයි reply එකක් ආවෙ, එයා කියනවා මට ටුයල් තිබ්බට පස්සෙලු එයාට තිබ්බේ........ "
මට මතක තිබ්බේ නෑ........ ඉතින් උපන්දිනේ පහුවෙලා ඉරිදා දවසක තමයි ඊට පස්සේ එයාව හම්බ වුනේ ආයෙත්, ඉතින් මම ලැජ්ජයි මොනවත් දෙන්නත්. මම එයාට කිව්වා මොනව හරි දෙන්න ඕන ඔයාට කියලා, එයත් එක්කම ගිහින් ගම්පහ පොලිසිය ලග කඩේකින් chocolate එකක් ගත්තා. ඒ ලගම තමයි IDM එක තිබුනෙත්, ඉතින් මම chocolate එක දීලා එයාව පන්තිය ලගට ගිහින් ඇරලුවා, එයා මම හිතුවෙත් නෑ..... එයා අර chocolate එකින් කෑල්ලක් මට කැව්වා.. :-) මට හොදට මතකයි අද වගේ. ♥ ♥ ♥ ♥ ♥
එව්වා දැන් මතක් වෙද්දිපුදුම දුකක්දනෙන්නේ... මට දැනෙන්නේ හරියට ලස්සනට ඉරපායල තියෙන දවසක... ලස්සන පිට්ටනියක්, ඒකෙහැම තැනම කොලපාටයි, වෙන කිසිම ගහක් කොලක් නෑ... මේලෝකෙ කවුරැත් නෑ, ඒ වගේදවසක අන්න ඒපිට්ටනිය මැදට වෙලා, කිසිම වළාකුලක්නැති නිල් පාටඅහස දිහා බලන් ඉන්නව වගේහැගීමක්. පුදුමතනිකමක්..........Create a free website with